අපි අද කතා කරන්න යන්නේ Engine overheating ගැන. (අධික ලෙස රත්වීම)..
වාහනයක් පදවන ඕනි කෙනෙක් දන්නවා වාහනය Start කරලා විනාඩි 5ක් යනකොට Engine එක රත් වෙනවා. ඒක සාමන්‍ය දෙයක්.
අසාමාන්‍ය වෙන්නේ අධික ලෙස රත් වුනොත් හෝ රත් වෙන්නේ නැත්නම්..
මතක තියාගන්න එන්ජිමේ නිසි කාර්‍යක්‍ෂමතාවය සඳහා එන්ජින් එක තියෙන්න ඕනි සාමන්‍ය උශ්නත්වයක් තියනවා. ඒක වැඩි වෙලත් බැහැ.. අඩු වෙලත් බැහැ.
අපේ Engine එක නියමිත උශ්නත්වයේ තියනවද බලාගන්නේ කොහොමද අපි?
හැමෝම Dashboard එකේ මේ මීටර් එක දැකලා තියනවානේ...
ඉතින් මේ මීටරේ හරි මැද වගේ තියනවා නම් ඔන්න අපේ Engine එක නියමිත උශ්නත්වයේ තියනවා.
මතක තියාගන්න... Engine එක Overheat වෙනවා නම් වාහනයේ ගමන් කරන්න එපා.. වියදම් අධික Repairs වලට හේතු වෙනවා.. Gasket යනවා.. Piston හිරවෙනවා වගේ දේවල් වෙන්න පුලුවම් අධික රස්නය නිසා ප්‍රසාරණය වෙලා. සහ Engine එක අධික ලෙස රත් වෙලා නිසා Radiator එක නම් අරින්න එපා... Pressure එක පිට වෙන්නේ එතනින්. රත් වුණ Coolant සේර්ම උඩට විදියි. අතපය මූණ එහෙම පුච්චගන්න ආසාවක් නැනේ නේද? සාමාන්‍යෙන් සෙල්සියෙස් අංශක 225 ට වගේ රත්වුණ Coolant තමයි තියන්නේ මේ වෙලාවට Engine එක Overheat වෙලා නම්.
හරි දැන් අපි බලමු අපේ Engine එක අධික ලෙස රත්වීමට බලපාන හේතු..
1) Cooling System එකේ Leaks.
2) Gasket Leaks
3) ලෙඩ වුණ Radiator එක
4) Thermostat එක අවුල් වීම
5) ලෙඩ වුණ Radiator Fan
6) ලෙඩ වුණ Temperature sensor
7) හෝස් වල අවුල්..
8) Water Pump එකේ Belt එක බුරුල් වෙලා
9) ලෙඩ වුණ Water Pump
1) Cooling System එකේ Leaks
මේක තමයි ගොඩක් වෙලාවට හේතු වෙන්නේ..
Hoses, Radiator, Water pump, Thermostat housing, Heater core, Head gasket, Freeze plugs, Automatic transmission oil cooler, cylinder heads and block මේ ඕනිම තැනක ලීක් එකක් නිසා නියමිත කූලන්ට් නොලැබීමෙන් Overheat වෙන්න පුලුවම්.. ඔයාගේ Engine එකත් Overheat වෙනවා නම් නවත්තලා බලන්න කොහෙන් හරි Coolant ලීක් එකක් තියනවාද කියලා..
2) Gasket Leaks
පිටට ලීක් නොපෙනුනත් ඇතුලෙන් ලීක් වෙන්න පුලුවම්.. ඒ Gaskets වලින්.. එක්කෝ Coolant ටීක Oil වලට මික්ස් වෙන්න පුලුවම්.. එහෙම වුනොත් Oil level එක වැඩි වෙනවා.. එහෙම නැත්තම් Coolant සිලින්ඩර්ස් වලට වගේ ගිහින් Burn කරන්න පුලුවම්.. බලන්න සයිලන්සර් එකෙන් සුදු දුමක් එනවද කියලා.
3) ලෙඩ වුණ Radiator එක
රත්වුන Coolant, Radiator එකේන් ගිහින් තමයි කූල් වෙලා එන්නේ.. Radiator එක බ්ලොක් වෙලා (මඩ හිරවෙලා වගේ දේවල් වලදි Block වෙන්න පුලුවම්..) හරි Cell ඇද වෙලා හරි තිබ්බොත් කූල් කරගන්න බැරුව Engine overheat වෙනවා.
4) Thermostat එක අවුල් වීම
මේක තාප සංවේදී වෑල් එකක්.. (පිටට පේන්නේ නැහැ ගලවලා බලන්න ඕනි..) මේක වෙලාවකට ඇරෙනවා.. වෙලාවකට වැහෙනවා... ඒක වෙන්නේ Engine එකේ උශ්නත්වය අනුවයි.. වෑල් එක ඇරුනු විට රත්වූ එන්ජින් කූලන්ට් රේඩියේටර් එක හරහා යවන අතර වෑල් එක වැසුනු විට සිසිල් කූලන්ට් එන්ජිම සිසිල් කිරීමේ ක්‍රියාවලියේ යෙදෙයි. Thermostat එක ලෙඩ වුතොත් වෑල් එක දිගටම වැසී ඇති අතර රත්වූ කූලන්ට් දිගටම එහි රැඳෙයි. ඉතින් Overheat වෙනවා.. මොකද එකම කූලන්ට් ටිකනේ දිගටම තියන්නේ.. වෑල් එක දිගටම ඇරිලා තිබුනත් ඔහොම වනවා..
එන්ජින් එක වෙන හේතුවක් මත Overheat වුනොත් අතුරු ප්‍රතිපලයක් ලෙස Thermostat එකට හානි වෙන්න පුලුවම්.. ඉතින් ඔබේ වාහනයේ Overheat වෙන ලෙඩේ නිවැරදි කලාට පස්සෙත් Thermostat එක හොඳ තත්වයේ තියනවද බලන්න අමතක කරන්න එපා.
සමහර මක බාස්ලා මේක ගලවලම දානවා.. මේක මේ ජපනට පිස්සු හැදිලා නිකමට දාපු කැල්ලක් නෙවෙයි.. මේක අනිවා තියෙන්න ඕනි නිසි උශ්නත්වයේ රඳවා ගන්න.
5) ලෙඩ වුණ Radiator Fan
මේ Fans වලින් තමයි Radiator එක Cool කරන්නේ. හැම වාහනේකම වගේ මේ Fans තියන්නේ Radiator එකට ලගින්මයි.. ඔයාගේ Engine එකත් Overheat වෙනවා නම් නවත්තලා බලන්න මේ Fans වැඩ කරනවද කියලා.. වැඩ නැත්තම් ඉතින් කූල් වෙන්න විදියක් නැන්නේ.. මේ Fans වැඩ කරන්නේ Engine එක නියමිත උශ්නත්වයකට ආවට පස්සේ.. සාමන්‍යෙන් සෙල්සියස් අංශක 98 දී වගේ.. ( Heat meter එකේ මැද හරියට එනකොට ) ඉතින් මෙහෙම ආවම Fans වැඩ නැත්තම් Fans මාරු කරන්න. Fans නිසිලෙස වැඩ නැත්තම් ඉතින් ඒකත් Engine overheat වෙන්න බලපානවා.
6) ලෙඩ වුණ Temperature sensor
ඔහොම ඉන්න අතරේ AC එක දාලා බලන්න එතකොට Fans වැඩද කියලා. එතකොට Fans වැඩ නම් ඔන්න Fans වල අවුලක් නැහැ.. එහෙනම් අවුල තියන්නේ Engine 1 නියමිත රස්නේට Radiator එකට Fans on වෙන්නේ නැහැ. මේකට හේතුව ඔයාගේ coolant temperature sensor එක වෙන්න පුලුවම්.. මේකෙන් තමයි Fan ඔන් කරන්න Signal එක දෙන්නේ..
Radiator එකට ඕනි වෙලාවට Fans නිසිලෙස වැඩ නැත්තම් ඉතින් ඒකත් Engine overheat වෙන්න බලපානවා.
7) හෝස් වල අවුල්..
මේ සියලුම හෝස් රබර් වලින් හදලා තියන්නේ.. ඉතින් හෝස් රස්නෙට ඇඹරිලා ඇකිලිලා තියෙන්න පුලුවම්.. එතකොටත් ඉතින් Coolant ගමනාගමනය නැතිවෙලා Engine overheat වෙනවා
8) Water Pump එකේ Belt එක බුරුල් වෙලා
Coolant හෝ Water Pressure කරන්න තියනවා Water Pump එකක්..
ඉතින් මේ Water Pump එක කැරකෙන්නේ Belt එකකින්. මේ බෙල්ට් එක බුරුල් වෙලා හරි කැඩිලා හරි තිබ්බොත් Coolant speed එක අඩු වෙනවා ඒ නිසා Engine overheat වෙනවා.
9) Water Pump එක ලෙඩ වෙලා.
කලින් කිව්වා වගේ Water pump එකෙන් තමයි Coolant system එකේ Speed එක රඳවගෙන ඉන්නේ. Water pump එකේ දෝශයක් නිසා Water Pressure එක අඩු වුනොත් නියමිත Water Pressure එක නැති වෙලා Engine overheat වෙනවා.
තව Check කරන්න Radiator Cap එක.. ඒකේ රබර් සීල් කැඩිලද බලන්න..
මෙහෙම වෙන්නත් පුලුවම්.. ඔයාලගේ Dashboard Meter එකේ අවුලක් (වයර් එකක් ගැලවිලා බොඩි එකේ ගැ වෙනනවා නම් මීටරේ නිකන්ම උඩට නගිනවා...) හෝ Dashboard එකේ Heat meter එකට තියන Sensor එක අවුල් වෙලා නිකම් Heat මීටර් එක උඩටම නැගලා තියෙන්නත් පුලුවම්.. Engine එක Overheat වෙන්නෙ නැතුවම.
එන්ජින් එක Overheat වෙන්න හේතු මොනවද?
Reviewed by Rohan
on
10:44:00 PM
Rating:
Reviewed by Rohan
on
10:44:00 PM
Rating:


No comments: