හරි.. අපි අද කියන්න යන්නේ ඔයාගේ කාර් එකේ හෝ ඕනැම වාහනයක.. Headlights දෙක පිරිසිදු කරගන්නා ආකාරය.
කාලයත් එක්ක මේ Headlights දෙක කහ පාට වෙලා අවපැහැ වෙලා යන එක සාමන්‍ය දෙයක්. Headlights දෙක කාර් එකේ පෙනුමට ගොඩක් බලපාන දෙයක්.
අපි අද මේ කියන විදිය කරන්න ඉතාමත් සුළු වියදමක් විතරයි යන්නේ.
මේකට ඔයාලට පහත දේවල් ඕනි වෙනවා.
1) 1000 සහ 2000 වැලි කඩදාසි (ඕනිම Hardware එකකට ගිහින් ඉල්ලන්න මේ දෙකෙන් වැලිකඩදාසි දෙකක්) දෙකටම රුපියල් 150ක් වගේ යන්නේ.
2) Brasso කුප්පියක් (මේකත් ඔයාට Hardwares වලින් ගන්න පුලුවම්) රුපියල් 100ක් වගේ වෙන්නේ.
3) පිරිසිදු වතුර.
4) Micro Fiber රෙදි කැල්ලක්.
හරි මෙහෙමයි දැන් වැඩේ කරන්නේ
Step 1
මුලින්ම හොඳට Headlight එක හෝදන්න වතුර වලින්, ඊට පස්සේ තෙත ගතිය තියෙද්දී ඔයාගේ Headlight එක හොඳට 1000 වැලි කඩදාසියෙන් කපා ගන්න.. (වේලුනාම අයිත් තෙමන්න) හොඳට අතුල්ලන්න.. බය වෙන්න එපා..
ඔයා කපාගෙන කපාගෙන යනකොට Headlight එක ටිකක් රෆ් ගතියක් එයි.. පොඩ්ඩක් වත් බය වෙන්න එපා.
1000 වැලිකඩදාසියේ පිටිපස්ස පැත්තේ ගහලා තියනවා 1000 කියලා..
Headlight එක අවපැහැ ගැන්විලා තිය විදියට විනාඩි 5 - 15 අතර කාලයක් කපන්න වෙනවා.
1000 වැලි කඩදාසියෙන් ඒ විදියට කපලා ඉවර වෙලා ආයිත් හොඳට හෝදන්න.. හෝදලා විනාඩි 5ක් වගේ වේලෙන්න දෙන්න.
2nd Step
දැන් ආයිත් 2000 කොලේ අරගෙන අර කලින් ආපු රෆ් ගතිය යනකම් ආයි 2000 කොලෙන් කපන්න. මතක තියා ගන්න වතුරින් තෙම තෙම තමයි මේක කරන්න ඕනි. ඔහොම ටිකක් වෙලා යනකොට අතට තේරෙයි Headlight ක සිනිදු වෙලා. ඔහොම යම්කිසි ප්‍රමාණයකට ආවට පස්සේ නවත්තලා.. අයිත් හෝදාලා වේලෙන්න දෙන්න.
3rd Step
දැන් Brasso එක ගන්න.. අරගෙන අර Micro Fiber රෙදි කැල්ලට පොඩ්ඩක් ගාගෙන Headlight එකේ අතුල්ලන්න.. ඊට පස්සේ පොලිෂ් කරනවා වගේ හොඳට අර Micro Fiber රෙදි කැල්ලෙන් Headlight එක අලුත් පෙනුම එනකම් විනාඩී 2ක් වගේ අතුල්ලන්න,
ඔච්චරයි.. 100% සහතිකයි ඔයාගේ දෙකත් අලුත් පෙනුමක් එනවා මේ විදියෙන්..
අවපැහැ ගැන්විලා තියන Headlights දෙක අලුත් පාටට ගමුද?
Reviewed by Rohan
on
4:51:00 AM
Rating:
Reviewed by Rohan
on
4:51:00 AM
Rating:





No comments: