ලොව දිගම සහ ගැඹුරුතම දුම්රිය උමං මාර්ගය ස්විස්ටර්ලන්තයේදී විවෘත වීමට නියමිත බව වාර්තා වේ.
බීබීසී පුවත් සේවය වාර්තා කරන අන්දමට කිලෝමීටර 57ක් දිග මෙම උමං මාර්ගය ඉදිකිරීම සඳහා වසර 17ක කාලයක් ගතවී තිබේ.
අධිවේගී දුම්රිය මාර්ගයක් වන එය උතුරු සහ දකුණු යුරෝපය මධ්‍යයේ පිහිටා ඇති ඇල්පස් කඳු වැටිය යටින් ගමන් කරයි.
නෙදර්ලන්තයේ රොටර්ඩෑම් සහ ඉතාලියේ ජෙනෝවා යාකරන මෙම උමං මාර්ගය ඉදිකිරීමට වැය වී ඇති මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 12කට අධික බව වාර්තා වේ.
එය විවෘත කිරීමේ උළෙල සඳහා ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මාර්කල් ප්‍රංශ ජනාධිපති ප්‍රන්ශුවා ඔලෝන්ද් සහ ඉතාලියේ අගමැති මැටියෝ රෙන්සි සහභාගි වීමට නියමිත වේ.
ලොව දිගම දුම්රිය උමං මාර්ගය විවෘත වෙයි
Reviewed by Rohan
on
9:23:00 AM
Rating:
Reviewed by Rohan
on
9:23:00 AM
Rating:

No comments: